අලෙවිකරණ සැලැස්ම යාවත්කාලීන කිරීම

අලෙවිකරණ සැලැස්ම යාවත්කාලීන කිරීම

Learning & Development

Commercial Bank LEAP Team

Commercial Bank LEAP Team

39 week ago — 2 min read

ඔබේ අලෙවිකරණ සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳ අපගේ IFC පුහුණු වීඩියෝව වෙත සාදරයෙන් පිළිගනිමු. වෙළෙඳපොළ වටාපිටාව සහ ඔබගේ ගණුදෙනුකරුවන්ගෙන් ඔබ්බට, ව්‍යාපාරය පිළිබඳව අවධානයෙන් සිටින්නන්ගේ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා ඔබගේ අලෙවිකරණ සැලැස්ම අනුගත විය යුතුය.

 

ලෝක බැංකු සමූහයේ සාමාජික IFC, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැදගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආර්ථික සංවර්ධනය උදෙසා පුද්ගල හා ව්‍යාපාර සදහා මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තීරණාත්මක කර්තව්‍යක් ඉටුකරනු ලබයි.

 

මෙම විශේෂිත වීඩියෝව තුළ ප්‍රධාන පියවර හයක් ඔස්සේ අලෙවිකරණ සැලැස්ම යාවත්කාලීන කිරීම සදහා ඔබගේ අවධානය ගෙන එනු ලබයි. සවිස්තරාත්මක වෙළෙඳපොළ විශ්ලේෂණයක් සිදුකිරීමේ සිට පැහැදිලි අරමුණු සැකසීම හරහා ස්ථීර හා බලගතු සන්නාමයක් නිර්මාණය කිරීම දක්වා කාර්‍යයන් පිළිවෙලින් මෙම වීඩියෝව තුළ පෙළගස්වන්නෙමු.

 

නවමු ප්‍රවේශයක් ඔස්සේ ව්‍යාපාරය ඉහළ මට්ටමකට ඔසවා තැබීමට ව්‍යාපාර හිමිකරුවකු හෝ එවැනි ආයතනයක කළමනාකරුවකු හෝ විධායක නිලධාරියෙකු හෝ වන ඔබ සදහා ඔබගේ අලෙවිකරණ සැලසුම් සකස් කිරීම සදහා වන දැණුම කුසලතා වැඩි දියුණු කිරීම මෙවැනි වීඩියෝ වල ප්‍රධානතම අරමුණ වේ.

 

ඔබේ අලෙවිකරණ සැලැස්ම යාවත්කාලීන කිරීමට ඉතා ඕනෑකමින් සූදානම් වන්න. තරගකාරී වාසිය ලබාගැනීමට අදම පෙළගැසෙන්න.

 

Disclaimer: The views and opinions expressed in this article are those of the author and do not necessarily reflect the views, official policy or position of GlobalLinker.

Comments