පිරිවැය පාලනය කරගන්නේ කෙසේද?

පිරිවැය පාලනය කරගන්නේ කෙසේද?

ඉගෙනීම සහ සංවර්ධනය

Commercial Bank LEAP Team

Commercial Bank LEAP Team

සතියකට පෙර 51 — අවම 2 කියවීම

'පිරිවැය පාලනය කරගන්නේ කෙසේද?' පිළිබඳ අපගේ පුහුණු වීඩියෝව සදහා ඔබ සැම සාදරයෙන් පිලිගනු ලබන්නෙමු. මේ සදහා විශේෂිත IFC විශ්ලේෂණයක් මගින් ප්‍රායෝගික හා ධනාත්මක ඉදිරි දැක්මක් පවත්වාගෙනයාමේ වැදගත්කම වීඩියෝව පුරාවට අපි සාකච්ඡා කරන්නෙමු.

 

ලෝක බැංකු සමූහයේ සාමාජික IFC, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැදගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආර්ථික සංවර්ධනය උදෙසා පුද්ගල හා ව්‍යාපාර සදහා මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තීරණාත්මක කර්තව්‍යක් ඉටුකරනු ලබයි.

 

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමිකරුවකු, එවැනි ආයතනයක කළමනාකරුවකු හෝ විධායක නිලධාරියෙකු හෝ වන ඔබ සදහා පිරිවැය අවම කරගෙන කටයුතු සංවිධානය කරගැනීම සදහා මෙම වීඩියෝව වැදගත් වනු ඇත. වීඩියෝව පුරාවටම පිරිවැය අවම කරගත හැකි අංශ, හදුනාගත හැකි විවිධ ආකාර ඔස්සේ අපි ආනාවරණය කරන්නෙමු.

 

තවද අනවශ්‍ය වියදම් කපාහැරීම, ක්‍රියාවලීන් කාර්යක්ෂම කිරීම් හා විධිමත් කිරීම් සහ නාස්තිය අවම කිරීම් සදහා වන ප්‍රායෝගික හා ශිල්පීය උපක්‍රම ඔබ හා බෙදා ගන්නෙමු. මෙම IFC පුහුණු සැසියට අප හා එක්වී වඩාත් ඵලදායී හා තිරසාර ව්‍යාපාරයක් සදහා පළමු පියවර තබා ඒ සදහා වන අපේෂිත අග්‍ර ඵලය සාක්ශාත් කර ගැනීමට ආරාධනා කර සිටිමු.

 

Disclaimer: The views and opinions expressed in this article are those of the author and do not necessarily reflect the views, official policy or position of GlobalLinker.

අදහස්

Commercial Bank LEAP Team විසින් ලියන ලද අනෙකුත් ලිපි

Economic Overview: January 2024

සතියකට පෙර 34

Economic Overview: December 2023

සතියකට පෙර 39

සියල්ල බලන්න