වත්මන් සාමාන්‍ය තත්ත්ව සදහා ඔබගේ ව්‍යාපාර සකස් කිරීම

වත්මන් සාමාන්‍ය තත්ත්ව සදහා ඔබගේ ව්‍යාපාර සකස් කිරීම

ඉගෙනීම සහ සංවර්ධනය

Commercial Bank LEAP Team

Commercial Bank LEAP Team

සතියකට පෙර 62 — අවම 2 කියවීම

වත්මන් සාමාන්‍ය තත්ත්ව සදහා ඔබගේ ව්‍යාපාර සකස් කිරීම' යන්න පිළිබඳව IFC ප්‍රායෝගික යෙදීම් වීඩියෝව වෙත සදරයෙන් පිළිගනිමු. වර්තමානයේ ශීඝ්‍රයෙන් වෙනස්වන ව්‍යාපාරික ලෝකයේ තරගකාරී පැවැත්ම සහ ලාභදායීත්වය පවත්වාගෙන යාමට ව්‍යාපාර වත්මන් සාමාන්‍ය තත්ත්ව පිලිබදව දැනුවත් භාවය අත්‍යාවශ්‍ය වේ.

 

ලෝක බැංකු සමූහයේ සාමාජික IFC, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැදගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආර්ථික සංවර්ධනය උදෙසා පුද්ගල හා ව්‍යාපාර සදහා මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තීරණාත්මක කර්තව්‍යක් ඉටුකරනු ලබයි.

 

වර්තමානයේ Covid 19 වසංගතය හමුවේ විවිධ කර්මාන්ත හා ව්‍යාපාර සදහා පෙර නොවූ විරූ අභියෝග වලට මුහුණ දීමට සිදුව තිබේ. එම ත්ත්තවය යටතේ ව්‍යාපාර මෙහෙයුම් තත්ත්වය නැවත පිරික්සා බැලීම අත්‍යාවශ්‍ය වේ. මෙවැනි අවිනිශ්චිත කාලවලදී ව්‍යාපාර මෙහෙයුම් සැලැසුම් සීරුමාරු කරන්නේ කෙසේද යන වග පිළිබඳව මනා අවබෝධයක් මෙම වීඩියෝව මගින ලබා දෙනු ඇත.

 

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමිකරුවකු, එවැනි ආයතනයක කළමනාකරුවකු හෝ විධායක නිලධාරියෙකු හෝ වන ඔබ සදහා ඔබගේ ව්‍යාපාර සැලසුම් සකස් කිරීම සදහා වන දැණුම කුසලතා වැඩි දියුණු කිරීම මෙවැනි වීඩියෝ වල ප්‍රධානතම අරමුණ වේ. මෙවැනි පරිවර්තනීය අවධීන් හමුවේ නොපසුබටව කටයුතු කිරීමට සහතික වීම ද ඉතා වැදගත් හා අනිවාර්යය වේ.

 

Disclaimer: The views and opinions expressed in this article are those of the author and do not necessarily reflect the views, official policy or position of GlobalLinker.

අදහස්

Commercial Bank LEAP Team විසින් ලියන ලද අනෙකුත් ලිපි

Economic Overview: January 2024

සතියකට පෙර 45

Economic Overview: December 2023

සතියකට පෙර 50

සියල්ල බලන්න

මේ සතියේ වැඩිපුරම කියෙව්වේ