ව්‍යාපාර ලෝකය ජයගන්න ඩිජිටල්කරණය අවශ්‍යද?

ව්‍යාපාර ලෝකය ජයගන්න ඩිජිටල්කරණය අවශ්‍යද?

ඩිජිටල් සහ තාක්ෂණය

GlobalLinker Staff

GlobalLinker Staff

සතියකට පෙර 79 — අවම 4 කියවීම

ලෝකය යනු කාලෙන් කාලෙට විවිධ දේ සමගින් වෙනස් වෙමින් පැවතෙන්නක්. ඒ නිසයි අපි කුඩා කාලයේ අත්විඳි බොහෝ දේවල් අද වෙනස් වෙලා තියෙන්නේ. නමුත් සාර්ථකව පැවතෙන්න නම් මේ වෙනස් වන ලෝකයට අදාලව අපිත් වෙනස් විය යුතුමයි. එය ව්‍යාපාර ලෝකයටත් එක හා සමානව අදාලයි.

අපි මුලින්ම ව්‍යාපාර කළේ භාණ්ඩ හුවමාරු ක‍්‍රමයට. පසුව එය මුදල් සමග භාණ්ඩ මිලදී ගැනීම දක්වා වෙනස් වුණා. නමුත් අපි අද සිටින්නේ ඊටත් වඩා දියුණු වූ සහ වෙනස් වූ ව්‍යාපාර ලෝකයක. ඉතින් ඒ ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු වීමට නම් අපි අපේ ව්‍යාපාරත් කාලයට ගැළපෙන ලෙසින් වෙනස් කළ යුතුම වෙනවා. මන්ද කාලයට ගැළපෙන ලෙසින් වෙනස් හෝ අනුවර්තනය නොවූ බොහෝ ව්‍යාපාර අද වනවිට ලෝකයෙන්ම නැති වී ගොස් ඇති නිසාවෙනි.

වර්තමානයේ ඇති තරගකාරී සහ නිරන්තරයෙන් වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ  පැවැත්මට සුදුසුම වෙනස් වීම ඩිජිටල් පරිවර්තනයයි.

ඩිජිටල් පරිවර්තනය යනු ව්‍යාපාරයක සියලුම අංශවලට ඩිජිටල් තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම සහ එම අංශවලින් ලබාදෙන සේවයට වෙනස් මුහුණුවරක් එක්කිරීමයි. මෙමගින් එම සේවාවන්ට අගයක් එක්වනවා වගේම මානසික වශයෙන්ද අලුත් වීමක් සිදුවනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මේ ඩිජිටල් පරිවර්තනය අවශ්‍ය වන්නේ ඇයිදැයි යන්නට හේතු කිහිපයක් ගැන මේ ලිපියෙන් අපි කථා කරමු.

 

1. විශාල සමාගම් සමග තරගකාරිත්වය පහසුයි

ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයට ඩිජිටල් තාක්‍ෂණය එක්කර ගැනීමෙන් විශාල ආයතනවලට එරෙහිව තරග කිරීමට අවස්ථා රාශියක් ඔබට විවර වෙනවා. විශාල ව්‍යාපාරවලට වඩා සීමිත කාර්ය මණ්ඩලයක් සහ සීමිත පාලන අංශ ඇති නිසා කුඩා ව්‍යාපාරවලට ඩිජිටල් වීම ඉතා පහසු වේ. ඒ වගේම ඔවුන්ට අත්දැකීම් ලබාගෙන අවශ්‍ය තැන්වලදී වෙනස් කිරීම් සිදු කිරීමද පහසු වන අතර ඒ සඳහා වැය වන වියදමද අවම වේ. ඒ නිසා විශාල ව්‍යාපාරවලට කලින් ඔබ තාක්‍ෂණයෙන් ඉදිරියට ගොස් සිටින්න.

 

2. ව්‍යාපාරයේ කාර්යක්ෂම බව වැඩි කරයි

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශාල දත්ත රැස් කරගැනීමට හැකි නිසා තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරුවලට ඉතා පහසුවෙන් ළඟා වීමට හැකි වේ. මේ ලබා ගන්නා තොරතුරුවල දෝෂ අවම නිසා ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය වැඩි වන අතර, ගන්නා තීරණවල නිවැරදි බව ඉහළ යයි. නිෂ්පාදනය, සිල්ලර වෙළඳාම සහ සෞඛ්‍ය සේවාවලට අදාල ක්‍ෂේත්‍රවල සිටින ව්‍යාපාර සඳහා මේ තොරතුරු මගින් පාරිභෝගික ගැටළු කලින්ම විසඳා ගත හැකි වන අතර,  සේවාවේ සිදුවිය යුතු වෙනස්කම් ගැනද වේලාසනින්ම දැන ගත හැකි වේ.

 

3. කාර්ය මණ්ඩලයේ ඵලදායීතාව ඉහළ යයි

කාලය ගතවන කාර්යයන් කෘත‍්‍රිම බුද්ධිය (AI ) වැනි තාක්ෂණික ක‍්‍රම මඟින් ස්වයංක‍්‍රීයව කිරීමට හැකි නිසා කාර්ය මණ්ඩලයේ කාලය බොහෝ ඉතුරු වෙයි. ඒ නිසා ඔවුන්ට හැකියාව ලැබෙනවා ව්‍යාපාරයේ දියුණුවට උපකාරී වෙන, ආදායම වැඩි කරන සහ මෙහෙයුම් පිරිවැය අඩු කරන උපාය මාර්ගයන් ගැන සෙවීමට සහ අත්හදා බැලීමට. ඒ වගේම තමන්ගේ කාර්යයට පමණක් සීමා නොවී ව්‍යාපාරයේ අනෙක් අංශ ගැනද ඉගෙන ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

 

4. පාරිභෝගිකයන්ට ළං වීම පහසුයි

ඩිජිටල් තාක්ෂණය පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට වගේම රඳවා ගැනීමට උපකාරී වෙයි. බොහෝ පාරිභෝගිකයන් සොයන්නේ නිවසේ සිට ඔන්ලයින් මගින් භාණ්ඩ මිලදී ගැනීමේ ක‍්‍රම නිසා ඔවුන් ඔබේ ව්‍යාපාරය සමග එක්වීමට වැඩි ප‍්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම ඔන්ලයින් මගින් එවලේම ඔවුන්ගේ ප‍්‍රතිචාර ලබා ගැනීමද පහසු වෙන නිසා ඔවුන්ව රඳවා ගැනීමට අදාල දේ  කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

 

ඉතින් ඔබේ ව්‍යාපාරයටත් ඩිජිටල්කරණය උපකාරී කරගන්නේ කෙසේද කියා සොයා බලා වැඩියෙන් ලාබ ලැබෙන ලෙස ඔබේ ව්‍යාපාරයත් ඩිජිටල්කරණය කරන්න.

 

Image source: Freepik

අදහස්

විසින් පළ කරන ලදී

GlobalLinker Staff

We are a team of experienced industry professionals committed to sharing our knowledge and skills with small & medium enterprises.

GlobalLinker ගේ පැතිකඩ බලන්න

GlobalLinker Staff විසින් ලියන ලද අනෙකුත් ලිපි

සියල්ල බලන්න