විකුණුම් ඉහළ දැමීමේ උපායමාර්ගික ක්‍රම

විකුණුම් ඉහළ දැමීමේ උපායමාර්ගික ක්‍රම

ඉගෙනීම සහ සංවර්ධනය

Commercial Bank LEAP Team

Commercial Bank LEAP Team

සතියකට පෙර 43 — අවම 2 කියවීම

විකුණුම් ඉහළ දැමීමේ උපායමාර්ගික ක්‍රම පිළිබඳ අපගේ IFC වීඩියෝව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. වෙළෙඳපොළ වටාපිටාව සහ ඔබගේ ගණුදෙනුකරුවන්ගෙන් ඔබ්බට, ව්‍යාපාරය පිළිබඳව අදාධානයෙන් සිටින්නන්ගේ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා ඔබගේ අලෙවිකරණ සැලැස්ම විකුණුම් ඉහළ දමාගැනීමට සැමවිටම අනුගත විය යුතුය.

 

ලෝක බැංකු සමූහයේ සාමාජික IFC, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැදගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආර්ථික සංවර්ධනය උදෙසා පුද්ගල හා ව්‍යාපාර සදහා මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තීරණාත්මක කර්තව්‍යක් ඉටුකරනු ලබයි.

 

මෙම වීඩියෝව පාරිභෝගික හැසිරීම් සහ වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳව වටිනා අවබෝධයක් ලබාගැනීමට මහගු අවස්ථාවක් වනු නොඅනුමානය. වත්මන් ආර්ථික තත්ත්වය හා එහි හැසිරීම් පිළිබඳව සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් මෙමෙ වීඩියෝව හරහා ඔබ වෙත ගෙනහැර පානු ඇත.

 

ව්‍යාපාර හදිස්සි විපත් හමුවේ හැසිරිය යුත්තේ කෙසේද, විකුණුම් සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාම වැනි කරුණු ප්‍රායෝගිකව තහවුරු කරන ලද උපක්‍රම ඔස්සේ පැහැදිලි කිරීම මේ මගින් සිදුවන තවත් අංගයකි. සමාජ මාධ්‍ය අවකාශ තුළින් විකුණුම් ඉහළ දමා ගන්නා ආකාරය හා ඒවායේ යෙදීම්, ඩිජිටල් ක්ෂේත්‍රයේ මෙවලම් භාවිතාවන් තුළින් ප්‍රවර්ධනය කරගන්නා අයුරු, ඉලක්කගත සහ බලාපොරොත්තු සහගත ගැණුම්කරුවන් වෙත ලගාවීම මෙමගින් තහවුරු කරනු නොඅනුමානය.

 

තවද, විකුණුම් කාර්‍යය ඉහළ දමීමේ ක්‍රියාවලීන් සහ ඉගි ශිල්පීය ක්‍රම මගින් සවිබල ගැන්වීමද මෙම වීඩියෝවේ මූලික අරමුණකි. ඔබේ විකුණුම් අගයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කල හැකි වටිනා අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව අතපසු නොකරන්න.

 

Disclaimer: The views and opinions expressed in this article are those of the author and do not necessarily reflect the views, official policy or position of GlobalLinker.

අදහස්

Commercial Bank LEAP Team විසින් ලියන ලද අනෙකුත් ලිපි

Economic Overview: January 2024

සතියකට පෙර 26

Economic Overview: December 2023

සතියකට පෙර 31

සියල්ල බලන්න

මේ සතියේ වැඩිපුරම කියෙව්වේ