සතියකට පෙර 3 — අවම 3 කියවීම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්(SME) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් හොබවන ව්‍යාපාර කොට්ටාශයක් ලෙස හැඳින්විය හැකි අතර, රට තුල රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ දේශීය ආර්ථිකය වර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපාර ඍජුවම සහයෝගී වේ. නමුත්, මෙම ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීමේදී විවිධ වූ ප්‍රායෝගික අභියෝග කිහිපයක් වන අතර, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම අවම වීම මූලික සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය.
ඩිජිටල්කරනය මගින් ව්‍යවසායකයන් සඳහා විවිධාකාර වූ ප්‍රතිලාබ අත්කර ගත හැකි වන අතර, ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබා දීම සහ නව වෙළඳපොල ඉල්ලුම හඳුනාගනිමින් එම අවශ්‍යතාවයන් සපුරාලීම මේ අතරින් සුවිශේෂී වේ.
තවද, මෙම ඩිජිටල් තාක්ෂණය සහ යෙදවුම් මගින් මෙම සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ප්‍රතිලාබ ලෙස විධිමත් ව්‍යාපාර මෙහෙයුම්, අවම පිරිවැය සහ නව වෙළඳපොල අවස්ථා සඳහා දොරටු විවර වීම හඳුන්වා දිය හැකි වේ.
සුළුහාමධ්‍යමපරිමාණව්‍යාපාරඩිජිටල්කරණයේදීබලපෑහැකිඅභියෝග,
ඩිජිටල්කරණයටයොමුවීම
ඉදිරිගමන්මග
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ පැවැත්මට පමණක් නොව වර්තමාන තරඟකාරී වෙළඳපල රටාව තුළ දියුණු වීමට ඩිජිටල්කරණය හා එක්වීම අත්‍යවශ්‍ය වේ. තවද, තාක්‍ෂණය ඵලදායි ලෙස භාවිතා කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කර ගැනීමටත් නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීමටත් හැකියාව ලැබේ.
අවසාන වශයෙන්, ඩිජිටල් පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් රටේ සමස්ත ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ තිරසාර වර්ධනයක් සඳහා මග පෑදිය හැකිය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඩිජිටල් වේදිකාව තුළ සාර්ථක ලෙස සැරිසැරීමට සහ දියුණු ආර්ථිකයක් පෝෂණය කිරීමට හැකි බව සහතික කරමින් මෙම මුලපිරීම් සඳහා ව්‍යවසායකයන්ට සහාය වීම ඉතා වැදගත් වේ."
Economic Overview: January 2024
සතියකට පෙර 42
Economic Overview: December 2023
සතියකට පෙර 47
මේ සතියේ වැඩිපුරම කියෙව්වේ
ප්රවණතා
Learning & Development සතියකට පෙර 26
How to Write an Effective Business Plan
Business Development සතියකට පෙර 57
අදහස්
කරුණාකර ඇතුල් වන්න හෝ ලියාපදිංචි කරන්න සාකච්ඡාවට එක්වීමට