අභියෝගවලට අභියෝග කළ සාර්ථකත්වය; Southern House Enterprises

අභියෝගවලට අභියෝග කළ සාර්ථකත්වය; Southern House Enterprises

SME අභිප්‍රේරණ

GlobalLinker Staff

GlobalLinker Staff

සතියකට පෙර 86 — අවම 4 කියවීම

Enterprise: Southern House Enterprises
Founder: M.W.P.M.N  නානායක්කාර
Industry: ටයිල් ආශ‍්‍රිත වියළි මෝටාර් නිෂ්පාදනය
Year it was founded: 2010

 

ව්‍යාපාරයක් කියනකොට අපි හැමෝගෙම හිතට එකපාරම එන්නේ බොහොම සීමිත ක්‍ෂේත්‍රයන් කිහිපයකින් බිහිවුණු ව්‍යාපාර පමණයි. නමුත් අපි නොදන්න බොහෝ ක්‍ෂේත්‍රවලින් බිහිවුණු ඉතා සාර්ථක ව්‍යාපාර සහ ව්‍යාපාරිකයෝ රැසක් අපේ රටේ ඉන්නවා. ඉතින් අද අපි කථා කරන්නෙත් ඒ වගේ බොහෝ අය නොදන්න ක්‍ෂේත්‍රයක ඉතා සාර්ථක වූ අයෙක් සමග. ඔහු තමයි M.W.P.M.N  නානායක්කාර මහතා.

ඉතින් ඔහුගේ මේ ව්‍යාපාරය සහ ඔහු ආ මේ සාර්ථක ගමන් මග ගැන ඔහුත් සමග අපි කථා කරමු

 

1. මුලින්ම අපි ඔබේ ව්‍යාපාරය ගැන කියමු නේද?

2010 වසරේදී ආරම්භ කළ Southern House Enterprises කියන්නේ CEMENTO සන්නාමය යටතේ එන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වියළි මෝටාර් ආශ‍්‍රිත නිෂ්පාදනය සිදුකරන ව්‍යාපාරයක්. අපේ ව්‍යාපාරයෙන් ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ටයිල් ආශ‍්‍රිත වියළි මෝටාර් නිෂ්පාදනයට.

 

2. ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය උදව් වුණු සුවිශේෂී හේතු තියෙනවද?

අනිවාර්යයෙන්ම. අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වගේම අපේ ව්‍යාපාරය අනෙක් තරගකාරී ව්‍යාපාරවලින් සුවිශේෂි වෙන්නත් හේතු බොහොමයක් තියෙනවා. අපි අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ ඉතා ඉහළ තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් පමණයි. ඊට අමතරව පාරිභෝගිකයන්ට ඇති වෙන  ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරු දීමට හැකි ලෙසින් අපි අපගේ ටයිල් කරන්නන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. ඉතින් අපිට සිටින්නේ ඉතාම දැනුමැති කාර්ය මණ්ඩලයක්. ඉතින් අපි විශ්වාස කරනවා අපේ සුවිශේෂත්වය එය බව.

 

3. ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයට ගෙන එන ගමනේදී මුහුණ දුන් අභියෝග මොනවද?

ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියන්නේම අභියෝගවලට මුහුණ දීම කියලයි මම හිතන්නේ. ව්‍යාපාරයේ මුල් අවධියේදී අපි මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගයක් තමයි පාරිභෝගිකයන්ව ආකර්ශණය කර ගැනීම සහ ඔවුන් රඳවා ගැනීම. ඒ සඳහා අපි ඉලක්ක කරන පාරිභෝගිකයන්ව හඳුනාගෙන ඔවුන් වෙත ළඟා වීමට සුදුසුම අලෙවිකරණ උපායමාර්ගයන් භාවිත කළා. ඒ වගේම මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න නම් අපි අදාල ක්ෂේත්‍රයේ පාරිභෝගික ප‍්‍රවණතා සහ කර්මාන්ත ප‍්‍රවණතා පිළිබඳව දැනුවත් විය යුතුයි.

 

4. ඔබේ ව්‍යාපාරය ගැන හිතේ තිබෙන හීනය ගැනත් කියමු නේද?

තිරසාර ව්‍යාපාර ආකෘතියක් පවත්වා ගනිමින් අපගේ වෙළඳ නාමය සහ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳළට ගෙන ඒම තමයි මම දකින හීනය.

 

5. ඔබේ ව්‍යාපාරයේ සාර්ථක ගමනට කොමර්ෂල් බැංකුවෙන් ලැබුණු සහයෝගය කොහොමද?

අපගේ ව්‍යාපාරය ආරම්භයේ සිටම අපට මූල්‍ය ආධාර ලබා දුන් පළමු බැංකුව කොමර්ෂල්  බැංකුවයි. අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාරයකට කොමර්ෂල් බැංකුවෙන් ලබා දෙන මූල්‍යකරණය, උපදේශන සේවා වැනි පුළුල් පාරාසයක සේවාවන් ඒ ව්‍යාපාරයේ වර්ධනයට ඉතා උපකාරී වෙනවා. අපගේ ව්‍යාපාරය අද සිටින සාර්ථකත්වයට ගෙන ඒමට ඔවුන් අපිට ලබා දුන් සහාය ඉතා විශිෂ්ටයි.

 

6. අලුත් ව්‍යවසායකයන්ට ඔබ ලබාදෙන උපදෙස් මොනවාද?

ඔබ සපයන ඔබේ භාණ්ඩය හෝ සේවාව වෙළඳපලේ ඇති උසස්ම තත්වයේ නිෂ්පාදනයක් විය යුතු බව හිතේ තබා ගන්න. ඒ වගේම  ඕනෑම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර අදාල වෙළඳපල, තරගකාරී නිෂ්පාදන සහ ඔබට ඇති සම්පත් පිිළිබඳව පුළුල් අධ්‍යනයක නිරත වෙන්න. ඒ වගේම මූල්‍ය සැලසුම්කරණය, නිෂ්පාදන/සේවා සංවර්ධනය සහ අලෙවිකරණය ඇතුළත් පුළුල් ව්‍යාපාර සැලැස්මක් සකසා ගැනීමටත් කාලය වෙන් කරන්න.

ඊට අමතරව ව්‍යාපාරය ආරම්භ කළ පසු ඔබ අදාල ක්ෂේත්‍රයේ පාරිභෝගික ප‍්‍රවණතා සහ කර්මාන්ත ප‍්‍රවණතා පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් විය යුතුයි. ඒ වගේම ව්‍යාපාර සම්බන්ධතා ගොඩනගා ගැනීමත් සාර්ථක ව්‍යාපාරයකට වැදගත් වෙනවා.

 

ඉතින් ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතනවා නම් මේ කථා බහ ඔබටත් වැදගත් වෙන්න ඇති. එහෙනම් Southern House Enterprises හි අධ්‍යක්‍ෂක M.W.P.M.N නානායක්කාර මහතාට සාර්ථක අනාගතයකට සුබ පැතුම් එක් කරන ගමන් තවත් සාර්ථක ව්‍යාපාර කථාබහක්  මෙසේ අවසන් කරමු.

 

Disclaimer: This article is based solely on the inputs shared by the featured member. GlobalLinker does not necessarily endorse the views, opinions & facts stated by the member.

අදහස්

විසින් පළ කරන ලදී

GlobalLinker Staff

We are a team of experienced industry professionals committed to sharing our knowledge and skills with small & medium enterprises.

GlobalLinker ගේ පැතිකඩ බලන්න