උත්සාහයෙන් කැපවීමෙන් නෙළා ගත් සාර්ථකත්වයේ අස්වැන්න; Asia Commercial Fertilizer (Pvt) Ltd

උත්සාහයෙන් කැපවීමෙන් නෙළා ගත් සාර්ථකත්වයේ අස්වැන්න; Asia Commercial Fertilizer (Pvt) Ltd

SME අභිප්‍රේරණ

GlobalLinker Staff

GlobalLinker Staff

සතියකට පෙර 66 — අවම 5 කියවීම

Enterprise: Asia Commercial Fertilizer (Pvt) Ltd

Founder: M.L.M  තාසිම්

Industry: අකාබනික පොහොර කර්මාන්තය

Year it was founded: 2003

Location: ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශය

 

ව්‍යාපාරයක් මුල සිටම ආරම්භ කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. ඒත් ඒ ව්‍යාපාරය හිතේ තදින් කා වැදුණු හීනයක් නම් ඒ හීනෙට යන්න පාරක් හොයාගන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඒ වගේ තමන් දැකපු හීනය එකම අරමුණ කරගෙන තමන්ගේ ව්‍යාපාරය සාර්ථකත්වයේ හිණිපෙත්තටම නංවාලූ Asia Commercial Fertilizer (Pvt) Ltd සහ Grand Crop Care Solutions (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්‍ෂ M.L.M  තාසිම් එවන් අයෙක්. අකාබනික පොහොර කර්මාන්තයේ වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු සිය ව්‍යාපාරය නව තලයකට ගෙන ගොස් ඇති අතර ශ්‍රී ලංකාවේ හොඳම පොහොර ආනයනකරුවන් සහ බෙදාහරින්නන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහු සිය ව්‍යාපාරය ස්ථානය තහවුරු කරගෙන ඇත.

 

ඉතින් ඔහුගේ මේ සාර්ථක ගමනේ රසබර තැන් ගැන කියැවෙන කථාව තමයි මේ

 

1. අපි මුලින්ම කථා කරමු ඔබේ ව්‍යාපාරය මොන වගේ ව්‍යාපාරයක්ද? ඒ වගේම ඔබ කොහොමද මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ කියලා?

ඔව්, මං මුලින්ම මගේ ගමන ආරම්භ කළේ පොහොර ආනයනය කර බෙදාහරින්නෙකු ලෙස. මට ඒදේට මුල්ම සහයෝගය ලැබුණේ මගේ තාත්තාගෙන්. මම Asia Commercial Fertilizer (Pvt) Ltd ආරම්භ කළේ 2003 දී. අද වෙනකොට අපි Grand Crop Care Solutions (Pvt) Ltd  නමින් අපේ ව්‍යාපාරයට කෘෂි රසායන ආනයනය කිරීම සහ බෙදා හැරීම එක් කරමින් අපේ ව්‍යාපාරය සාර්ථකව පුළුල් කරලා තියෙනවා. අපේ ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයේ තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් මේ ආපු ගමන තනි ගමනක් නෙමෙයි, අපේ ව්‍යාපාර සමූහයේ කාර්ය මණ්ඩලයේ සැමගේම උත්සාහයේ කැපවීමේ ප්‍රතිඑලය ලෙස තමයි අපි අද මෙතන ඉන්නේ.

 

2. ඔබේ ව්‍යාපාරය මේ ක්‍ෂේත්‍රයේ සිටින අනෙක් ව්‍යාපාරවලින් වෙනස් වෙන්නේ කොහොමද?

මං දකින විදිහට අපේ ව්‍යාපාරයේ වෙනස තමයි අපේ නිෂ්පාදනවල ඇති උසස් තත්ත්වය හා ගුණාත්මක භාවය. මොකද අපේ ව්‍යාපාරයේ ඉහළ සිට පහළටම විශ්වාස කරන දෙයක් තමයි ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ පමණක් පාරිභෝගිකයාට ලබාදීම. එසේම අපි අපේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාව අනුව සියලුම වර්ගයේ නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාවත් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් භාණ්ඩ බෙදාහැරීමත් අපේ විශේෂත්වයක්.

 

3. ව්‍යාපාරය ආරම්භයේදී ඔබට අභියෝගවලට මුහුණ දෙන්නත් සිදුවෙන්න ඇති. ඒ ගැනත් මතක් කරමු නේද?

අනිවාර්යයෙන්ම. ඕනම ව්‍යාපාරයකට ආරම්භයේදී විවිධ ආකාරයේ ගැටලුවලට, අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මම මුහුණ දුන්න ප්‍රධානම අභියෝගය තමයි තරගකාරිත්වය. මොකද නව තාක්‍ෂණය සමගින් වෙළඳපළ අල්ලාගෙන සිටි දැවැන්තයින් සමග තමයි මට තරග කරන්න තිබුණේ. ඉන්පසු අද වෙනකන්ම අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. මෑත කාලයේදී රජය විසින් පැනවූ ආනයන සීමාව සහ රටේ තිබූ  විදෙස් මුදල් සංචිත හිඟය අපිට තදින් බලපෑවා. ඒ වගේම ලෝක වෙළඳපළේ පොහොර සහ කෘෂි රසායනවල මිල ඉතා ඉහළ යමින් තියෙනවා. මේ අභියෝග ජය ගනිමින් අපි ඉදිරියටම යනවා.

 

4. ඔබ ගනුදෙනු කරන්නේ කොමර්ෂල් බැංකුවත් සමග. ඔබේ මේ ගමනට කොමර්ෂල් බැංකුවෙන් ලැබුණු සහයෝගය කොහොමද?

මගේ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම මාත් සමග සිටියේ කොමර්ෂල් බැංකුව. ඔවුන් මගේ ව්‍යාපාරය ඔවුන්ගේ ලෙස සිතමින් මට බොහෝ උපදෙස් සහ යෝජනාවන් ලබා දුන්නා. ඉතින් එදා සිට අද වෙනකන්ම ඔවුන් මට සහ අපිට ලබා දුන් සේවාවන් ඉතා ඉහළයි. ඔවුන්ගේ සහයෝගයත් ඇතුව අපි අපේ ඉලක්ක සියල්ලම සපුරා ගත්තා. කොමර්ෂල් බැංකුවත් දැන් අපේම පවුලේ කොටසක් වගේ. ඔවුන් ඒ තරම්ම සුහදශීලියි මිත්‍රශීලියි.

 

5. ඔබේ හීනය දැන් සැබෑ වෙලාද? නැත්නම් තවත් ලොකු හීනයක් හිතේ තියෙනවද?

මං හැමදාම හීන දකින කෙනෙක්, ඒ වගේම ඒ හීන සැබෑ කරගන්න වැඩ කරන කෙනෙක්. ඉතින් දැන් මම දකින සිහිනය තමයි ශ්‍රී ලංකාවේ පොහොර නිෂ්පාදන හා වෙළඳ සමාගමේ වෙළඳපළ ප්‍රමුඛයා බවට පත්වීම.

 

6. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින පරම්පරාවට ඔබෙන් ලැබෙන අවවාදය මොකක්ද?

ඔව්, එක අවවාදයක් නෙමෙයි මගේ අත්දැකීම් සමගින් මම උපදෙස් කිහිපයක් දෙන්නම්. මුලින්ම තමන්ට ආයෝජනය කළ හැකි මුදල හඳුනාගෙන ඒ අනුව තමන් බලාපොරොත්තු වෙන ව්‍යාපාරයට සැලැස්මක් හදා ගන්න. ඒ වගේම ව්‍යාපාරය පුළුල් කළ යුත්තේ ඒ සඳහා ඔබ සම්පත් අතින් සූදානම් නම් පමණයි. ඔබ ණයක් ගන්නවා නම්  ඒ ණය මුදල අවශ්‍ය නම් පමණක් ලබා ගන්න ඒ වගේම ඒ මුදල ඔබ සැලසුම් කළ දේ සඳහා පමණක් භාවිත කරන්න. නිසි ව්‍යාපාර කළමනාකරණයක් සහ නිසි මුදල් පරිපාලනයක් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි.

ඉතින් ව්‍යාපාර ලෝකයේ තව තවත් ඉහළටම ගොස් සියල්ලන්ටම ඉහළින් දිදුලන්නට හැකි වෙන්න ඔහුට ප්‍රර්ථනා කරන ගමන් තවත් සාර්ථක වූ ව්‍යාපාර හීනයක් සොයා ගිය ගමන අපි අවසන් කරන්නෙමු.

 

Disclaimer: This article is based solely on the inputs shared by the featured member. GlobalLinker does not necessarily endorse the views, opinions & facts stated by the member.

අදහස්

විසින් පළ කරන ලදී

GlobalLinker Staff

We are a team of experienced industry professionals committed to sharing our knowledge and skills with small & medium enterprises.

GlobalLinker ගේ පැතිකඩ බලන්න