පියවරෙන් පියවර තැබූ දියුණුවේ ව්‍යාපාර සලකුණ; Amiron Organic

පියවරෙන් පියවර තැබූ දියුණුවේ ව්‍යාපාර සලකුණ; Amiron Organic

SME අභිප්‍රේරණ

GlobalLinker Staff

GlobalLinker Staff

සතියකට පෙර 79 — අවම 4 කියවීම

Enterprise: Amiron Organic 

Founder: සුලෝගිනි රූපවතී සේගරම්

Industry: කෘෂිකාර්මික සහ කුකුළු ගොවිපල නිෂ්පාදන

Year it was founded: 2014

Location: වාලච්චේනය, කුඹුරුමූලෙයි

 

අපි හැමෝම දන්න සාර්ථක කෘෂිකාර්මික සහ කුකුළු ගොවිපල ව්‍යාපාරයක් වන Amiron Organic  පිටුපස සිටින දැවැන්ත සෙවණැල්ල කවුරුන්දැයි ඔබට හිතිලා තියෙනවද? ඇය තමයි Amiron Organic  ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි සුලෝගිනි රූපවතී සේගරම්. අභියෝග ජයගනිමින් උත්සාහයෙන් කැපවීමෙන් ඇය ආපු මේ සාර්ථක ගමන ගැන අපි ඇයගෙන්ම දැනගනිමු. 

 

1. දන්න නොදන්න හැමෝම වෙනුවෙන් අපි කියමු නේද Amiron Organic කියන්නේ මොන වගේ ව්‍යාපාරයක් ද ? කොහොමද ආරම්භ කළේ කියලා ?

ඔව්,  Amiron Farm කියන්නේ කාබනික සහ ස්වභාවික කුකුළු මස් සහ බිත්තර සඳහාම විශේෂිත වූ පවුලේ ව්‍යාපාරයක්. වසර 100 කට අධික කාලයක් අපේ පවුලට අයිති වූ අක්කර 22 ක් වෙන අපේ කුකුළු ගොවිපොළ නැගෙනහිර පළාතේ වාලච්චේනයේ පිහිටි කුඹුරුමූලෙයි ගම්මානයේ තමයි පිහිටා තියෙන්නේ. පසු කාලයේදී Amiron Farm නිෂ්පාදන අපි වෙළෙඳපොළ වෙත ලබාදෙන්න Amiron Organic නමින් අපේ ව්‍යාපාරය පුළුල් කළා.

 

2. ඔබේ ව්‍යාපාරයේ හදවත ලෙස ඔබ විශ්වාස කරන දෙයක් තියෙනවා නේද?

අනිවාර්යයෙන්ම, අපේ ව්‍යාපාරයේ හදවත ලෙස අපි හැමෝම සලකන පාඨයක් තියෙනවා ඒ තමයි  “Eat Healthy. Live Long” (ආයු බෝ වෙන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න). ඉතින් අපි හැමවෙලාවෙම කැපවෙන්නේ අපේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙනුයි.

 

3. ඔබේ ව්‍යාපාරය අනෙක් තරඟකාරී ව්‍යාපාරවලින් සුවිශේෂී වන්නේ කොහොමද?

ඔව්, කලින් කව්වා වගේම අපේ හදවත බඳු පාඨය තමයි අපේ සුවිශේෂත්වය. ඒ නිසාම අපි අපේ කිසිම නිෂ්පාදනයකට කිසිම හෝමෝන හෝ වර්ධන උපකාරකයන් අඩංගු කරන්නේ නෑ. අපි භාවිත කරන්නේ ස්වභාවික ප්‍රතිජීවක ඖෂධ පමණයි. ඒ වගේම අපගේ නිෂ්පාදන කාබනික නිෂ්පාදන ලෙස සහතික ලබා තියෙනවා.

 

4. ව්‍යාපාරය මේ තැනට ගෙන එන්න ඔබ ආපු ගමනේදී මුහුණ දුන් අභියෝග එහෙමත් ඇති නේද?

ඇත්ත වශයෙන්ම අභියෝග රැසකට මුහුණ දෙන්න අපිටත් සිදුවුණා. අපි මුහුණ දුන් ලොකුම අභියෝගය තමයි අපේ ව්‍යාපාර නාමය මිනිසුන් අතරට රැගෙන යාම. ඒ වගේම නිෂ්පාදනවල උසස් තත්ත්වයට හානි නොවන ලෙස ප්‍රවාහනය කිරීම සහ පශු සම්පත් සඳහා සුදුසු අමුද්‍රව්‍ය සොයා ගැනීමත් අපිට ලැබුණු අභියෝගයක්. නමුත් ඒ සියල්ලම ජය ගෙන අද අපි මේ තැන ඉන්නවා. මේ වෙනකොට අපිත් සමග එක්වෙලා ඉන්න ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර නාම කිහිපයක් මම මතක් කරන්නම්. ඒ තමයි Good Market, Keels, Cargills, Arpico, Spar, Kenko1st, Premium Choice, Gusta Restaurant සහ Hilton.

 

5. Amiron Organic සමග ඔබ දකින සිහිනය ගැනත් කියමු නේද?

මගේ සිහිනය තමයි හෝමෝන හෝ වර්ධන උපකාරකයන් තොර කුකුළු නිෂ්පාදන සාධාරණ සහ දැරිය හැකි මුදලකට අපේ රටේ සියලුම ජනතාවට ලබාදීම. ඒ වගේම Amiron Organic නාමය ජාත්‍යන්තර වශයෙන් ගෙන ගොස් කාබනික ගොවිතැන් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ හා ප්‍රසිද්ධ නාමයක් බවට පත් කිරීම.

 

6. ඔබේ මේ ගමනට කොමර්ෂල් බැංකුවෙන් ලැබුණු සහයෝගය මොන වගේද?

මට විතරක් නෙමෙයි ඕනෑම ව්‍යාපාරිකයෙකුට කොමර්ෂල් බැංකුවෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඔවුන් ඒ ඒ ව්‍යාපාරවලට ගැළපෙන විදිහට මූල්‍ය සේවාවන් ලබා දෙනවා. මූලික සේවාවන්වල සිට වැඩිදියණු සේවාවන් වෙනකන් ඔවුන් අපේ ව්‍යාපාරයට ලබාදුන්නේ ඉහළ සේවාවක්. එදා සිට අද වෙනතුරුම ඒ සහයෝගය වෙනසක් නැතුව ලැබෙනවා.

 

7. සාර්ථක ව්‍යාපාරිකාවක් ලෙස අනාගත ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට යොමු වීමට සිතන අයට ලබාදෙන උපදෙස් මොනවාද?

මම ඔවුන්ට ලබා දෙන උපදෙස් තමයි අලුත් දේවල් අත්හදා බලන්න, ඒ වගේම ඉගෙනීම නවත්වන්න එපා. ඔබ ඉගෙන ගන්න දේ අනාගතයේ ඔබ නොසිතන දවසක ඔබට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔබ කැමති ව්‍යාපාර ක්‍ෂේත්‍රය සොයාගන්න. ඉන් පසු ඒ වෙනුවෙන් ඔබේ දක්‍ෂතා වැඩි කරගන්න සහ ව්‍යාපාරය දියුණු කරගන්න හැකි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්න. අවසාන වශයෙන් කාලය ඉතා වටිනා බව හැමවෙලාවෙම මතක තියාගන්න, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

 

ඉතින් ලංකාවේ සිටින ව්‍යාපාරිකාවන් අතරින් සාර්ථක ගමනක් ආ Amiron Organic ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි සුලෝගිනි රූපවතී සේගරම් ගේ සිහිනය සාර්ථක වෙන්න සුබ පතන ගමන් තවත් සාර්ථක වූ ව්‍යාපාර කථාබහක් මේ විදිහට අපි අවසන් කරනවා.

 

Disclaimer: This article is based solely on the inputs shared by the featured member. GlobalLinker does not necessarily endorse the views, opinions & facts stated by the member.

අදහස්

විසින් පළ කරන ලදී

GlobalLinker Staff

We are a team of experienced industry professionals committed to sharing our knowledge and skills with small & medium enterprises.

GlobalLinker ගේ පැතිකඩ බලන්න